ශ්‍රී ලංකාව සමඟ තරගාවලියෙන් එංගලන්ත ක්‍රීඩක Brydon Carse ඉවතට

Report

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Brydon Carse තෝරාගෙන නොමැත. විශේෂත්වය වන්නේ ඔහු තේරීම් සඳහා සම්පූර්ණයෙන්ම ලබාගත හැකිව සිටියද, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) විසින් මෙම තීරණය ගැනීමයි.

ECB ප්‍රකාශකයෙකු Cricinfo වෙත පවසා ඇත්තේ මෑතකදී ඩර්බි ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් Carseට අවශ්‍ය කරුණු නිරාකරණය කර ගැනීමට සහ නැවත මානසිකව හා වෘත්තීයමය වශයෙන් සූදානම් වීමට කාලය ලබාදීම මෙම තීරණයේ අරමුණ බවයි.

කෙසේ වෙතත්, මෙම තීරණය කිසිදු පරීක්ෂණයක අවසන් ප්‍රතිඵලයක් පිළිබඳ පූර්ව තීන්දුවක් නොවන බවද ECB අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා–එංගලන්ත තරගාවලිය


දෙරට අතර තරගාවලිය විස්සයි20 තරග තුනකින් ආරම්භ වීමට නියමිතය.

සැප්තැම්බර් 15 - පළමු විස්සයි20 තරගය, සවුත්හැම්ප්ටන්

සැප්තැම්බර් 17 - දෙවැනි විස්සයි20 තරගය, කාඩිෆ්සැප්තැම්බර්

19 - තෙවැනි විස්සයි20 තරගය, මැන්චෙස්ටර්

ඉන් අනතුරුව එක්දින තරග තුනක් පැවැත්වෙන අතර, පළමු එක්දින තරගය සැප්තැම්බර් 22 වැනිදා Chester-le-Streetහිදීත්, දෙවැනි තරගය සැප්තැම්බර් 24 වැනිදා Leedsහිදීත් පැවැත්වේ. තරගාවලියේ අවසන් එක්දින තරගය සැප්තැම්බර් 27 වැනිදා The Ovalහිදී පැවැත්වීමට නියමිතය.

වෛභව් සූර්යවංශි සමග අලුත් ආරම්භක පිතිකරුවෙක්? - හිටපු ක්‍රීඩක ගම්භීර්ගෙන් යෝජනාවක්

වෛභව් සූර්යවංශි සමග අලුත් ආරම්භක පිතිකරුවෙක්? - හිටපු ක්‍රීඩක ගම්භීර්ගෙන් යෝජනාවක්

ඩර්බි සිද්ධියෙන් පසු තීරණයක්

Durham කණ්ඩායම County Championship ශූරතාව දිනාගැනීම සැමරීමේ අවස්ථාවකදී බාර් එකක් ආසන්නයේදී බීමතින් කලහකාරී ලෙස හැසිරීමේ සැකයක් මත Carse කෙටි වේලාවකට අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව Derbyshire පොලිසිය විසින් එම සිද්ධියට සම්බන්ධ බව කියන පහරදීමක් පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, එම සිද්ධියට Carse සම්බන්ධ වී ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

මෙම සිද්ධියෙන් පසු ඔහු පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගය සඳහා වූ එංගලන්ත සංචිතයෙන්ද ඉවත් කර තිබූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලියටද තෝරාගෙන නොමැත.

ECB කියන දේ “Brydon තේරීම් සඳහා ලබාගත හැකිව සිටියද, ඔහු ශ්‍රී ලංකා තරගාවලි සංචිතයට තෝරාගෙන නැහැ. මෑත සිදුවීම් සැලකිල්ලට ගනිමින්, ඩර්බි සිද්ධියට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ නිසි ලෙස නැවත සූදානම් වීමට ඔහුට කාලය ලබාදීම වැදගත් බව අපි විශ්වාස කරනවා.

මෙම තීරණයෙන් කිසිදු විමර්ශනයක ප්‍රතිඵලයක් පිළිබඳ පූර්ව තීන්දුවක් ලබාදෙන්නේ නැහැ,” යනුවෙන් ECB ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. මීට පෙරත් විනය ක්‍රියාමාර්ගයකට Carse මීට පෙරද පිටියෙන් පිටත හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයකට ලක්ව තිබේ.

2024දී පැරණි ECB ඔට්ටු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට මාස තුනක තරග තහනමක් පනවා තිබූ අතර, තවත් දීර්ඝ තහනමක් අත්හිටුවා තිබුණි. කෙසේ වෙතත්, ඉන් පසුව Carse එංගලන්ත කණ්ඩායමේ සියලුම ආකෘතිවල නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්වූ අතර, පසුගිය ඔස්ට්‍රේලියානු Ashes තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටද පත්විය.

කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දුට ආබාධ හේතුවෙන් එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයි

කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දුට ආබාධ හේතුවෙන් එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයි