මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටී 27 දෙනෙක් මරුට
By R.rishma
පකිස්ථානයේ කරච්චි නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇත.
මියගිය අය අතර කාන්තාවන් 15 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් ජීවත් වූ බව සඳහන් වේ.
මේ අතර, සුන්බුන් අතර සිරවී සිටින අය සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතු තවමත් හඳුනාගෙන නැත. කෙසේ වුවත්, එම ගොඩනැගිල්ල වසර 30ක් පැරණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.