පරීක්ෂණ තොරතුරු පුද්ගලික සමාගමකට භාරදීමේ සැලසුමක්

Report

රජයේ රෝහල්වල රෝගීන්ගේ එක්ස් රේ, සි.ටී., සහ එම්.ආර්.අයි. ස්කෑන් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ දත්ත ගබඩා කරන පද්ධතිය (PACS) පාලනය කරන සේවා සැපයුම් සමාගමක් හදිසියේ සිය සේවා අත්හිටුවීම හේතුවෙන්, වෛද්‍යවරුන්ට රෝගීන්ගේ පෙර පරීක්ෂණ වාර්තා ඇතුළු වැදගත් දත්තවලට ප්‍රවේශ වීම අවහිර වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම දත්ත ගබඩාව සම්පූර්ණයෙන් අදාළ සමාගම අත පවතින අතර, සෞඛ්‍ය බලධාරීන් කිහිප වතාවක් ඉල්ලීම් කළත්, එම සමාගම එම දත්ත ලබාදීමට පියවර ගෙන නැත.

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

මෙය හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා තීරණ ගැනීමේදී අර්බුදයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 31ක් (රුපියල් කෝටි 800කට ආසන්න) මුදලක් වැය කර මෙම සමාගමෙන් දත්ත පද්ධති සේවාව ලබාගෙන ඇති අතර, එය විදේශ ණයක් ලෙස ලබා ගෙන ඇත.

මෙරට වෛද්‍යවරුන් විසින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලකින් වඩා කාර්යක්ෂම දේශීය දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණත්, 2016දී එවකට දේශපාලන බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත, තාක්ෂණ ඇගයීම් කමිටුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මෙම ගනුදෙනුව සිදු වී ඇත.

සිසු සැරිය ගාස්තු ඉහළ දැමීමට රජයේ සැලසුමක්

සිසු සැරිය ගාස්තු ඉහළ දැමීමට රජයේ සැලසුමක්

ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට ලබා දුන් ගනුදෙනුවට අදාළ ගෙවීම් රජය විසින් පැහැර හරින ලද හේතුවෙන්, මෙම සමාගම වෛද්‍ය වාර්තා ගබඩා කිරීම සහ සන්නිවේදනය අත්හිටුවීමට පියවර ගත්තේය.

මෙම අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ මතය වන්නේ, මෙම සමාගමේ සේවාව නවත්වා, දේශීය වෛද්‍යවරුන් විසින් නිර්මාණය කරන ලද පද්ධතියේ සේවාව ලබා ගත යුතු බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

කෙසේ වුවත්, මෙම ගනුදෙනුවට සම්බන්ධ ප්‍රබල නිලධාරියෙකු හිඟ මුදල් ගෙවා එම සමාගමේ සේවාව දිගටම ලබා ගත යුතු යැයි යෝජනා කිරීම හේතුවෙන්, තීරණ ගැනීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්