අනුර හදිසියේම විශේෂ පිරිසක් හමුවෙයි - ඔවුන්ගේ සහයත් අනුරටද..?

Report

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (01) සවස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී එම හමුව සිදුව ඇත. මෙම අවස්ථාවේදී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 - පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ප්‍රකාශනයේ පිටපතක් ජාතික ජන බලවේගය වෙත ලබා දී තිබේ.

මෙහි සංචාරය නොකරන්න..! හදිසි දැනුම්දීමක්..

මෙහි සංචාරය නොකරන්න..! හදිසි දැනුම්දීමක්..

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය ද එක්ව සිටියහ.