සජිත්ට හා කියලා සුමන්තිරන්අනුර ලඟට යයි.? - "අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්"
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.
ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.
ඒ, අනුව අනුර දිසානායක සමඟ එක්ව මුළු රටම බලාපොරොත්තු වන වෙනස කිරීමට සූදානම් බව ඔහු පවසා තිබෙනවා.
"අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නොත් අපි ඒ වෙනසට කොටස් කරුවෙකු ලෙස අපි ඉන්නවා. අපි ඒකෙන් ඈත් වෙලා ඉන්නේ නෑ. එතුමා කීව දේ ජාතිවාදී ලෙස සලකන්න එපා. මං එයාව හොඳටම දන්නවා. එතුමා ඒ අදහසින් කීවේ නෑ කියලත් මම විශ්වාස කරනවා.
නමුත් මැතිවරණ කාලයේ දී මේවා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස වංචාවක් නැතිව අල්ලස් නැතිව තියන රටක්. ඒ වගේම හැම ජනතාවම ආණ්ඩු කිරීමට අත දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනස කරන්නට අපි නිතරම බැඳිලා ඉන්නවා.
අපි එතුමාත් එක්ක එතුමාගේ පක්ෂයත් එක්ක කොයි ආකාරයෙනුත් එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්"