ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

A D Susil Premajayantha Government Employee Sri Lankan Schools Teachers
By Wayomi Sep 08, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

මෙය රනිල් වික්‍රමසිංහ මහතාට ඔබ ඡන්දය ලබා දෙන පළමු අවස්ථාව නොවෙයි. මීට පෙර 2005 දී එදා ඔබ අලියා ලකුණට ඡන්දය දුන්නා. ඒ අවස්ථාවේදී යාපනයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබා දී තිබුණා. මෙවර එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් නොවෙයි. එතුමා ගේ ලකුණ ‘ගෑස් සිලින්ඩරය බව අධ්‍යාපන ඇමති සුසිල් ප්රේම්ජයන්ත පවසනවා.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


එමෙන්ම එදා අලියා ලකුණ ඉදිරියේ කතිරය ගැසූ ඔබ ලබන 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසන බව අපට විශ්වාස බවත් ඔහු සඳහන් කරනවා.

ඒ, පසුගියදා යාපනය වඩ්ඩුකොඩිහි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"එදා උතුරේත් දකුණේත් පැවති ලොකුම ප්‍රශ්නය වුණේ ආර්ථිකය කඩා වැටීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කර වසර දෙකක් තුළ වැටුණ රට නඟා සිටුවන්න එතුමාට හැකි වුණා.

එතුමා විසින් මාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර යාපනය ප්‍රදේශයේ අධ්‍යාපනය නඟා සිටුවීමට උපදෙස් දුන්නා. යාපනය ජනතාවට අංක එකත්, දෙකත්, තුනත් අධ්‍යාපනය බව එතුමා දැන ගෙන සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගන්නා විට දරුවන්ට පාසැල් යන්න බස් , ඉන්ධන තිබුණේ නෑ.දිවා ආහාර තිබුණේ නෑ. ඒ ව‍ගේම ගුරු සහ විදුහල්පති අඩුපාඩු තිබුණා.

මොන තරම් ආර්ථික අපහසුතා තිබුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසුන්ට නිල ඇඳුම්, පෙළ පොත් ලබා දීමට කටයුතු කළා. ඒ වගේම ප්‍රාථමික අංශයේ සිසුන් ලක්ෂ 17කට දිවා ආහාරය ලබා දුන්නා. ගුරුවරු විදිහල්පතිවරු බඳවා ගත්තා. විභාග පැවැත්වුවා. ලබන වසරේ සිට දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගයත් අගොස්තු මාසයේදී උසස් පෙළ විභාගයත් නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතරේ දකුණේ ගුරුවරු ලෙඩ වෙලා පාසැල් වසා තිබුණා. ඔවුන් ඇත්තට ලෙඩා වුණා නොවෙයි. බොරුවට ලෙඩ වී වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. එය මෙහෙය වුයේ ජනතා විමුක්ති පෙරමුණෙයි. ඔවුන්ට අවශ්‍ය ඔබේ දරුවාට අධ්‍යාපනය ලබා දීම නොව බලය ලබා ගැනීමයි.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නැති කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව අනුව වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි 01වෙනිදා සිට රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 55 000ක් වෙනවා. සියලු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩි කිරීම ජනාධිපතිවරණය ඉලක්ක කර සිදු කළ දෙයක් නොවෙයි. මාස ගානකට කලින් පටන් අරන්, අයවැයට එකතු කරලා , මුදල් වෙන් කරලා තමයි චර්කලේඛන නිකුත් කරන්නේ.

එකේ ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ පඩිය වැඩි වෙනවා රුපියල් 38,000කින් දැන් ගන්න පඩියට වඩා. විදුහල්පතිවරයෙකුගේ පඩිය වැඩි වෙනවා රුපියල් 38,000කින් අද ගන්න පඩියට වඩා. අලුතෙන් ගුරුවරු වන ඩිප්ලෝමාධාරීන්ගේ වැටුප රු.17,000කිනුයි, උපාධිධාරීන්ගේ රු.19,000කිනුයි පඩිය වැඩි වෙනවා.

මෙම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් අප සොයා ගෙන තිබෙනවා. වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් මෙවන් වැඩිපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. මේ යෝජනා අයවැයට ඉදිරිපත් කර ක්‍රියාත්මක කළ හැකි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපතිධුරයට පත් වුනොත් පමණයි.

එකේ ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ පඩිය වැඩි වෙනවා රුපියල් 38,000කින් දැන් ගන්න පඩියට වඩා. විදුහල්පතිවරයෙකුගේ

ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුවහොත් පාර්ලිමේන්තුව විසුරවනවලු. එවිට අයවැයක් හෝ මේ වැටුප් වැඩි කිරීම සිදු වන්නේ නැහැ.

ඒ වගේම ලෝකයේ දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රම හඳුන්වා දෙමින් ජනවාරි 01 වනදා සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කෙ‍රෙනවා. මේ සියලු දේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සිදු කෙරෙනවා."

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).