තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka Nalin Fernando Sri Lanka Banks
By Wayomi Sep 08, 2024 01:20 PM GMT
Wayomi

Wayomi

Report

භාණ්ඩ මිල, ජීවන වියදම අඩු කරගන්න හැකි වුණේ ඩොලරය ඉහල යන්න නොදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම තුළ බවත්, තව මාසයක් පමණ යනකොට බැංකු පොලිය 9% දක්වා අඩු වන බවත්, බදු ආදායමෙන් 25% රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය කරන්න පුළුවන් තත්ත්වයකට එන්න හැකිවීම ප්‍රශස්ත ආර්ථික මට්ටමක් බවත් තනි මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු දෙකහමාරක් මේ රටේ වගකීම ඉදිරියට අරන් ආපු ජනාධිපතිතුමාට කා එක්කවත් ඩීල් දාන්න අවශ්‍ය නැහැ. ඩීල් එකක් තියෙන්නේ ජනතාව සමග විතර බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.


ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"රජය බාරගන්න වෙලාවේ තිබුණු ආර්ථික තත්ත්වය නෙමෙයි අද රට තුළ තියෙන්නේ. වර්තමාන ආර්ථික ස්ථාවරතාවය තුළ මේ රටේ ජනතාවගේ, ජීවන වියදම අඩුවෙමින්, ආදායම වැඩි වෙමින්, ඒ ජනතාවට පහසුකම් සලසමින් තිබෙනවා. ආර්ථික අර්බුදය තුළ මූලික කරුණු කිහිපයක් රටේ ජනතාවට බලපෑවා.

බලශක්ති අර්බුදය, ඖෂධ හිඟකම, අත්‍යවශ්‍ය භාණ්ඩහිඟකම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම,රටේ ඩොලර් සංචිත ප්‍රමාණය අඩුවීම, සංචාරක ව්‍යාපාරය කඩාවැටීම, විදේශ ප්‍රේෂන හා ලැබෙන ආදායම් අඩුවීම, වැනි කාරණා ආර්ථික අර්බුදය තුළ මතු වුණා. මේ අවුරුදු දෙකහමාර තුළ ඒ සඳහා ලබා දුන් වැඩපිළිවෙළ තුළ රටක් වශයෙන් අපි ඉදිරියට ආ හැටි මතක් කරන්න කැමතියි.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


මම වෙළඳ අමාත්‍යාංශය භාරගන්න අවස්ථාවේ ලංකාවේ තිබුණේ ඉහළම බඩු මිලක් තිබුණ රටවල් පහ අතරේ. ආහාර උද්ධමනය 94% වැඩියි. බඩු මිල රොකට් වේගයෙන් ඉහළ යනකොට ආර්ථික විශේෂඥයෝ කිව්වේ පාන් රාත්තලක් අඩුම තරමේ රුපියල් 800 ක් වෙයි කියලා.

2022 සැප්තැම්බර් මාසය වෙනකොට 2022 සැප්තැම්බර් වෙද්දි අල කිලෝ එකක් රුපියල් 300යි. අද රුපියල් 200යි. රුපියල් සියයක වෙනසක් තියෙනවා. පාන්පිටි කිලෝ එකක් රුපියල් 420යි. අද රුපියල් 160යි. අද 260ක වෙනසක්. වියලි මිරිස් කිලෝ එකක් රුපියල් 260ක වෙනසක් තියෙනවා. වියළි මිරිස් කිලෝ එකක් එදා රුපියල් 1750. අද රුපියල් 850යි. රුපියල් 900 එක වෙනසක් තියෙනවා. රුපියල් 630 තිබුණු ටින්මාලු එකක් අද වෙනකොට රුපියල් 330යි. වෙනස රුපියල් 300යි. රුපියල් 430 ට තිබුණු පරිප්පු අද රුපියල් 290යි. රුපියල් 140 කින් අඩුවෙලා. රු 1240 ක් වුනු කිරිපිටි පැකට් එකක් රුපියල් 950. ඒ කියන්නේ රුපියල් 300කින් අඩුවෙලා. කුකුල් මස් මිල රුපියල් 300 - 350 කින් අඩුවෙලා. රුපියල් 1700 ට තිබුණු වියලි හාල්මැස්සෝ අද රුපියල් 900 ක් වෙලා රුපියල් 800 අඩුවීමක් තියෙනවා.

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)


මෙලෙස භාණ්ඩ මිල ජීවන වියදම අඩු කරගන්න හැකි වුණේ ඩොලරය ඉහල යන්න නොදී ශ්‍රී ලංකා රුපියලට ශක්තිමත් කිරීම තුළයි.

පහුගිය කාලයේ අපේ ආදායම් වැඩි කරන වැඩපිළිවෙලවලට වලට අපි යොමු වුණා. විදුලිය කපා හැරීම, බැංකු පොලිය වැඩි කිරීම, වගේ දේ නිසා වැටුප් ගෙවා සේවකයෝ නඩත්තු කර ගැනීමට නොහැකිව,අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව, අපි පැනවූ ආර්ථික සම්බාධක තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො අසූ දහසක් පමණ අසරණ වෙලා හිටියා. ඒ සඳහා පියවර වශයෙන් 30% ආසන්න වූ බැංකු පොලිය 11% දක්වා අඩු කළා. තව මාසයක් පමණ යනකොට එය 9%මේ දක්වා අඩුවෙනවා. අමුද්‍රව්‍ය සඳහා තිබුණු සියලු සම්බාධක ඉවත් කරලා අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් ලබා දුන්නා.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.


ඒ තුළ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර නැවත ශක්තිමත් කළා. ඒ හරහා ආර්ථිකයට දායකත්වය ලබා දුන්නා. කුකුල් ගොවිපොල විසි තුන්දහසක් මේ රටේ තිබුණා. සත්තුන්ට දෙන කෑම නැතුව කුකුල් ගොවිපොළ වසා දමන්න ඔවුන් තීරණය කළා. බේකරි තිස් නමදහසක් ඔවුන්ට අවශ්‍ය තිරිඟු පිටි ගෙන්වා ගැනීමට නොහැකිව කර්මාන්තය වැටිලා තිබුණා.රජය නැවත තිරිඟු පිටි ලබාදෙන වැඩපිළිවෙල ආරම්භ කර පිටි මිල අඩු කළා. පාන් රාත්තලක් රුපියල් සියයකට ලබාගන්න පුළුවන් හැකි තත්ත්වය අපි ඇති ඇතිකළා. සෑම ක්ෂේත්‍රයක් තුළම භාණ්ඩ මිල අඩුවීමත් නැවත ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ගොඩනැගුවා. රජයේ සේවකයන්ගෙ වැටුප් රුපියල් දහදාහකින් වැඩි කළා. දීමනා වැඩි කළා. 2025 වන විට ඔවුන්ට පොරොන්දු වූ පරිදි වැටුප් විෂමතා ඉවත් කරලා වැටුප් වැඩි කරන්න සූදානම්.

ආර්ථිකය කඩාවැටීමට රජය අය කරන බදු ප්‍රමාණය අඩු කරගැනීම බලපෑවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේ මහා පරිමාණය සමාගම්වලට බදු සහන ලබල දුන්නා. අයකර නොගත් බදු විශාල ප්‍රමාණයක් තිබුණා. පහුගිය වසර දෙක තුළ ඒ බදු නැවත අයකර ගැනීම ඇරඹුවා. නැවත බදු පැනවුවා. ඒ තුළ රාජ්‍ය ආදායම නැවත වැඩි වුණා. පහුගිය වසර කිහිපයක 2019 රාජ්‍ය බදු ආදායම බිලියන 1734යි. ඒ වෙනකොට රජය සේවකයින් සඳහා වැටුප් ලෙස රුපියල් බිලියන 686 ක් වියදම් කරනවා. බදු ආදායමට සාපේක්ෂව රාජ්‍ය වැටුප් වලට 39% ප්‍රතිශතයක් වැය වෙනවා. 2020 වන විට රාජ්‍ය ආදායම 1737 සිට 1216 දක්වා අඩු කරගත්තා. හැබැයි රාජ්‍ය සේවක වැටුප බිලියන 794ක්. අපිට වැරදුනේ මෙතන.

බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස් කොට නිදහස්. - සිදු වූ දේ මෙන්න. - (VIDEO)

බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස් කොට නිදහස්. - සිදු වූ දේ මෙන්න. - (VIDEO)


බදු ආදායමෙන් 65% ක් රාජ්‍ය සේවක වැටුප සඳහා ගියා. සමෘද්ධිය, වැඩිහිටි දීමනා වැනි කාරණා සමග මාසෙක වියදම බදු ආදායමෙන් සියයට අසූ පහක් පමණ වුණාම රෝහල්, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී අනෙකුත් රටේ වියදම් සඳහා මුදල් නොමැති වීම තුළ අපි ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක්වුණා. 2021 බදු අඩුවීම තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1298යි. රාජ්‍ය සේවක වැටුප බිලියන 845. ප්‍රතිශතයක් විදිහට ගත්තම සමස්ත ආදායමෙන් 65% නැවත රාජ්‍ය සේවක වැටුප සඳහා යනවා 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව භාරගත්තට පස්සේ බදු ආදායම් වැඩි කරන වැඩපිළිවෙල සාර්ථක කරගත්තා. 2022න් පස්සෙ බදු මුදල 1751යි. රාජ්‍ය සේවක වැටුප වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 956 ක් වෙන්කලා. හැබැයි ප්‍රතිශතයක් ලෙස 65% වුණු ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප සඳහා ගිය ප්‍රමාණය 54% දක්වා අඩුවුණා.

2023 වන විට බදු ආදායම රුපියල් බිලියන 2720 ක් වුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් බිලියන 934කට අපි සීමා කරගත්තා. ඒ තුළ සමස්ථ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් සඳහා වෙන් කෙරෙන මුදල දක්වා අඩුවුණා.

2025 වන විට රාජ්‍ය ආදායම වැඩි කරගෙන රාජ්‍ය ආදායමෙන් රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා යන මුදල අඩුකරගෙන තිබෙනවා. 2025 වන විට මුළු රාජ්‍ය සේවක වියදම සමස්ත රාජ්‍ය ආදායමෙන් 25% ප්‍රතිශතයක් දක්වා ගෙන ඒමට අයි. එම්. එෆ්. ගිවිසුම සහ අත්සන් කළ අනෙකුත් ගිවිසුම් සමග එකඟතා ඇතුවයි මේ වැඩපිළිවෙළ යන්නේ. මේක ඉතාම සාර්ථක ලෝකයේ ඉහළම ආර්ථික තත්ත්වයන් සමග ගලපන්න පුළුවන් තත්ත්වයක්. තමන්ගේ බදු ආදායමෙන් 25% රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය කරන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන් ප්‍රශස්ත ආර්ථික මට්ටමක්. අපි ප්‍රායෝගිකව මේ රට තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් තියෙනවා.

බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස් කොට නිදහස්. - සිදු වූ දේ මෙන්න. - (VIDEO)

බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස් කොට නිදහස්. - සිදු වූ දේ මෙන්න. - (VIDEO)


මිනිස්සුන්ගේ ඇඟට දැනෙන, විඳින වැඩපිළිවෙළක්. අනෙකුත් අය කතා කරන්නේ සහන ලබාදීම ගැන මිස ආදායම් වැඩි කර ගැනීමට කරන දේ ගැන නෙමෙයි. ඉලක්කම් සමග ගලපලා මේ සහන ජනතාවට දෙන ආකාරය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ මේ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල. ඉතාම විනිවිද භාවයක් ඇති ඉලක්කම් සහිත වැඩපිළිවෙළක් ඇති රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් සමග ඉදිරිපත් කරපු එකක්. "

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.