ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)
රනිල්ගේ ආගමනයෙන් පසු මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ඇති බවත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ද ඇති බවත් ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, බදු වැඩි කිරීමකින් තොරව බිලියන 700 ක පමණ ආදායමක් රජය විසින් ගත වූ අවුරුද්දක පමණ කාලය තුළදී උපයා ඇති බවයි.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.
එමෙන්ම මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු පැනවීම හේතුවෙන්ම නොවන බවත් ආර්ථිකය වර්ධනය වීම සහ බදු ගෙවිය යුතු පිරිස් බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් බවත් ඔහු පවසනවා.
ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ බව කියා සිටියේ,ඊයේ රූපවාහිනි නාළිකාවක් පැවති වැඩසටහනකට එක්වෙමින්.
