පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්. - ජුනි 02 න් අවසන්. - මේ ගැන සැලකිලිමත් වන්න.
අදින් (02) පසු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එමෙන්ම ජාතික පාසල්වලට 2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කිරිමට මීට පෙර අවස්ථාව සලසා දී තිබුනා.
ඒ, අනුව මෙම අයදුම්පත් පුරප්පාඩු පවතින පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා, චක්‍රලේඛ ප්‍රකාරව අදාළ විදුහල්පතිවරුන් සම්මුඛ පරික්ෂණ පවත්වා තෝරා ගැනීම් සිදු කරන අතර එලෙස තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරිමට නියමිතයි.