පෙම් සුව විඳින්න ගිය තරුණ යුවළක් හදිසියෙම මුහුදට ගහගෙන ගිහින්, තරුණිය දැඩි සත්කාරයේ
ගාල්ල - කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට එම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඊයේ සවස සිදුව තිබූ එම අනතුර අසල වූ පුද්ගලයෙකු මඟින් වීඩියෝ ගත කර තිබෙනවා.
ඒ අනුව ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීමට පැමිණ තිබූ මෙම යුවළ මුහුද සැරවීමත් සමඟ එකවරම මුහුදට ගසාගෙන ගොස් ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී ඕලන්ද ගොඩනැඟිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරී ගාමිණී මහතා විසින් අදාළ සිදුවීම දැක වහාම මුහුදට පැන තිබෙනවා.
ඉන් අනතුරුව අවට සංචාරක ආපනශාලාවල සිටි තරුණ පිරිසක් පැමිණ දැඩි උත්සාහයකින් පසුව යුවළ බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
ඒ අනුව මෙසේ අනතුරට ලක්වූ තරුණිය හා තරුණයා අහංගම සහ ලණුමෝදර පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.