කෝ දෙනවයි කියපු හොස්ටල් ? කෝ අපේ උපාධිය? අධ්‍යාපනයේ අයිතීන් ඉල්ලා රට පුරා සිසුන් නිදහස් චතුරස්‍රයට [PHOTOS]
අද දින (23) අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් කලක සිටම පවතින "කප්පාදු කල B-Tech උපාධිය" ඇතුළු ප්‍රධාන ගැටළු සඳහා විසඳුම් ලබාගැනීම අරමුණු කරගෙන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ශිෂ්‍ය සංගම් අතර මූලික සාකච්ඡාව අද උදෑසන රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතන පරිශ්‍රයෙහිදී පැවැත්වීමෙන් අනතුරුව, පිරිස නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැස්වී එහි සිට නාරහේන්පිට නිපුණතා පියස දක්වා පාගමනක් ලෙසින් ආරම්භ කර ඇත.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට (University of Vocational Technology) අයත් සිසුන් පිරිසක් මෙලෙස උද්ඝෝෂනයේ නිරත වන අතර මෙයට රට පුරා අනුරාධපුරය,යාපනය,අවිස්සාවේල්ල ,මාතර,රත්මලාන,කුලියාපිටිය අධ්‍යාපන ආයතන වල සිසුන් එක්ව තිබේ.
මෙම උද්ඝෝෂණය හරහා ඔවුන් ඔවුන්ගේ ඉල්ලීම් රැසක් අධ්‍යාපන බලධාරින් හමුවේ තබයි. ඊට අනුව ඔවුන්ගේ චෝදනා හා ඉල්ලීම් ලෙස ඔවුන් පවසන්නේ,
පළමුව සිසුන්ට B.Tech උපාධියක් ලබාදෙන බව පවසා ඇතත් මේ වන විට එම උපාධිය ඉවත් කර ඇති අතර නැවතත් ඔවුන්ට කප්පාදු කල B.Tech උපාධිය යලි ස්ථාපනය කරන ලෙසයි.
එමෙන්ම රත්මලාන ආයතනයේ විලාසිතා නිර්මාණකරණය(Fashion Design) පාඨමාලාවේ එක් විෂයක්ම ඉවත් කර ඇති බවයි. ඊට අමතරව සිසුන්ට හිමි වන බව පැවසූ වරප්‍රසාද හිමි නොවුනු බවත් ඔවුන් චෝදනා කරයි.සිසුන්ට ලබා දෙන බව පැවසූ නේවාසික පහසුකම් හෝ ලබා නොදෙන බවයි.
මේ වනවිට මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ 7වන සිසුන් කණ්ඩායම වන අතර මින් පෙරද මොවුන් මෙලෙස උද්ඝෝෂණය කිරීමෙන් පමණක් බසරි සහනාධාරය හිමි වූ බව ඔවුන් පවසයි.
එමෙන්ම කිසිදු ශිෂ්‍යයෙකුට මෙතෙක් උසස් ජාතික ඩිප්ලෝමා සහතික ලබා දී නොමැති බවත් University of Vocational Technology මගින් මොවුන්ගේ ගැටලු හැකි ඉක්මනින් විසදා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.



