පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ ජීනිවා එකට zoomවලින් ගිහින් සාධාරණය ඉල්ලනවා, මේවගේ දේවල් රටට හොඳ නෑ ලැජ්ජයි - සජිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(23) දින පාර්ලිමේන්තුවේදී අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත්වු විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන මෙන් ඉල්ලා සිටියා.
ඒ කතානායකවරයාගෙන්.
එහිදී අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා පිළිබඳව පුද්ගලික ගැටලු නැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පවසා සිටියා.
තවද වින්දිතයන් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය ඉටු නොවීම හේතුවෙන් ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙකු සූම් තාක්ෂණයෙන් එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවත් මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් සඳහන් කළා.
" ඒ විශ්වාසභංගය ප්‍රතික්ෂේප වීම සඳහා පදනම් වුණු කරුණු කාරණා පිළිබඳව වඩාත් පදනම් සහගතව අපිට මේ සභාවට ඉදිරිපත් කරන්න. වින්දිතයින් ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක්. කොයි තරම් දුර මේක ගිහිල්ල තියෙනවද කියල කිව්වොත් ජිනීවාවල දැනට ක්‍රියාත්මක වන සාකච්ඡාවලට ශැංගිලා එකේ ජීවිත අහිමි වුනු විහඟ තේජාන් කියන දරුවගේ පියා සුරාජ් නිලංග zoom තාක්ෂණය ඔස්සේ ඒ ජිනීවා සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා ඔහු ඉදිරිපත් කරනවා මේ කෙරෙන පර්යේෂණ ක්‍රියාවලිය පිළිබඳව ඔහු කිසිසේත්ම සෑහීමකට පත්වෙන් නෑ කියලා. එහෙම දෙයක් සිදු වෙන එක රටට හොඳද? රටට හොඳ නෑ ඒ නිසා ඔබතුමාලා පියවරක් ගන්න ඕනෙ ඒ වින්දිතයින්ට විශ්වාසය ලබාදෙන්න"