තේ ගොවීන්ට QR කේතය මඟින් පොහොර ලබාදීමේ වැඩසටහනක්

Report

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබාදීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී QR කේතයක් යොදා ගනිමින් පොහොර ලබාදීමට සැලසුම් කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී ආරම්භ කරන බවයි.

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

ඒ අනුව, ඉදිරියේදී රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය ලබාදීමේදී මෙම QR කේත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ පැවසීය:

"අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තා, පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට. ඒ වගේම, අපේ තේ මණ්ඩලය විසින් 2025 වසර සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් තේ පොහොර සහනාධාරය සඳහා වෙන් කර තිබෙනවා. විශේෂයෙන්ම, 75%ක් වන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කරලා, රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය QR කේතයක් මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෙමඟින් රජයේ පොහොර සහනාධාරය ලබාගැනීමට පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් ගණනාවකින් ගොවීන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව, මේ මස 26 වැනිදා කළුතර, මතුගම, ඉත්තෑපාන ප්‍රදේශයේදී ගොවීන්ට මෙය ලබාදෙමින්, මෙම වසරේ තේ පොහොර ලබාදීමේ ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ කරනවා."

මෙතෙන නවත්තන්නේ නැතුව ඔයාගේ ඔළුව උඩ නවත්තන්නද? කොහෙ ගියත් පැටලෙන අර්ච්චුනා

මෙතෙන නවත්තන්නේ නැතුව ඔයාගේ ඔළුව උඩ නවත්තන්නද? කොහෙ ගියත් පැටලෙන අර්ච්චුනා

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්