'සපුමල්' ටත් බලන් ඉද්දිම වෙඩි තියලා, තත්ත්වය බරපතළයි

Report

හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය තම නිජබිම කරගෙන සිටින 'සපුමල්' වශයෙන් හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද පවසයි.

වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය නම් දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි තිබීමයි.

එසේම වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා තිබෙන අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බවත් ඇතාව දුටු සංචාරකයින් ප්‍රකාශ කරයි.

ඒ අනුව වහාම ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම වෙඩි වැදී සිටින ඇතා කොරගසමින් කවුඩුල්ල වැව් තාවුල්ලේ ගමන් කරන අයුරු ඊයේ (22) දින එහි ගිය සංචාරකයින් පිරිසක් විසින් පටිගත කර තිබූ බව ද සඳහන්.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි