අද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වැනි ඉරියව් පන්දු යවන්නෙකු එක්වෙයි ද?

Report

අද (23) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වැනි ඉරියව් පන්දු යවන්නෙකු එක්වීමේ වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මහතා පවසා ඇත.

ඔහු මෙම බව ප්‍රකාශ කළේ ඊයේ (21) පැවැත්වූ ශ්‍රී ලංකා-පකිස්තාන තරගයේ පූර්ව මාධ්‍ය සාකච්ඡාවේදීය.

නිත්‍ය පන්දුයවන්නන් හතර දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමේදී ඇතිවන ගැටලු සහ පිතිකරණ ශක්තිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හමුවේ මෙම තීරණය සලකා බැලීමේ බවත් ඔහු සඳහන් කළේය.

අසලංක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය:

"නිත්‍ය පන්දුයවන්නන් හතර දෙනෙකුගේ පන්දුවාර 16න් පන්දුවාර දෙකක් හෝ තුනක් අසාර්ථක වන දින තිබෙනවා. මේ ක්‍රීඩාව අනුමානයෙන් කළමනාකරණය කිරීම අපහසුයි. අපේ හොඳම පන්දුයවන්නෙකුට පවා ලකුණු 40-45කට පන්දුවාරයක් යන අවස්ථා තිබෙනවා. එවැනි විට නායකයෙකු ලෙස තීරණ ගැනීම දුෂ්කරයි. මම උත්සාහ කරන්නේ සාර්ථක වනු ඇතැයි හිතෙන දේවල් කිරීමටයි. නමුත් පිතිකරුවන් ඊට වඩා හොඳින් ක්‍රීඩා කළොත් කළමනාකරණයක් නැහැ. ඉස්සරහට මෙම ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා."

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්