ආන්දෝලනාත්මක අයිස් ලොරියේ හිමිකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝග

Report

ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස පොලීසියට නියෝගය ලබා දී ඇත.

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අත්අඩංගුවට ගත් සැකකරු වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් වන අතර අංක 43, කොටඹගහවතුගොඩ, සීනිමෝදර නැගෙනහිර, තංගල්ල ලිපිනය සහිත නිවසේ පුද්ගල මළසිරුරු දෙකක් හමු වු නිවස අසල තිබී ඊයේ (22) දින මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි රථය පොලීසිය විසින් සොයාගත්හ.

ඊට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලාධාරීන් විසින් අදාල ලොරි රථයේ හිමිකරු වන මෙම සැකකරුව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානය වෙත ඉදිපත් කර ඇත.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඉන් අනතුරුව අද (23) දින සැකකරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්