මොන විනාශයක්ද බෝම්බ ගබඩාවක් පුපුරලා කුඩා දරුවෝ කාන්තාවෝ ඇතුළු 30ක් මියගිහින්
පාකිස්ථානයේ කයිබර් පාක්තුන්ක්වා ප්‍රදේශයේ වූ පිපිරීමක් හේතුවෙන් 30 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇත.
පාකිස්ථානයේ ගුවන් හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් මගින් මෙම අනතුරු සිදුව ඇති බවත් තලේබාන් සටන්කාමීන් සතු පුපුරණ ද්‍රව්‍ය ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ල කළ බවත් තොරතුරු වාර්තා වේ.
නමුත් ප්‍රාදේශීය රජය විසින් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ බෝම්බ සෑදීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගිය බවයි.
මෙම ප්‍රහාරයෙන් සටන්කාමීන් 14ක් කාන්තාවන් දරුවන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් මියගිය බවත් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා එල්එස්-6 බෝම්බ 8ක් ටිරා නිම්නයේ මාත්රේ ධාරා ප්‍රදේශයේ ස්ථානයකට හෙලීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
මෙම ක්‍රියාව ත්‍රස්තවාදය වැළැක්වීමේ මෙහෙයුමක් බවත් තුවාලකරුවන් සටන්කාමීන් නොවන බවත් එරට බලධාරීන් පවසන අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ ආසන්න ප්‍රදේශයකටය.