වෙස්ගැන්වූ ඝාතකයකු හරහා ජනපති ඝාතනයට තැතක්, විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් කියයි
කාලෙන් කාලෙට දේශපාලන බලවතුන් ඝාතනය සම්බන්ධයෙන් විවිධ ආරචි මාර්ග ලැබෙනවා.
මින් පෙර ද ඒ ආකාරයට ජනාධිපතිවරයා ඝාතනය කිරීමට යම් සූදානමක් ඇති බවට විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්න දකින්න ලැබුණා.
ඒ ආරචි නැවත අලුත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත එවැනි පුවතක් පළ වෙන ආකාරය දැක ගන්නට ලැබී ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වුණ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ අජිත් ධර්මපාල මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඔහු මේ බව කියා ඇත්තේ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් බව වාර්තා වේ.
ඒ අනුව ඔහු විසින් මෙම සැලසුම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකය හෝ ආරක්ෂක අංශයක වෙස්ගැන්වූ ඝාතකයකු හරහා සිදු කිරීමට බව පෙන්වා දෙයි.
කෙසේ වුවද දැනටමත් ඒ හේතුවෙන් අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග දැඩිකර ඇති බවත් ඔහු පැවසූ බව සඳහන්.
මේ අතර මෙම තොරතුරු ලැබී ඇත්තේ ඉතාම විශ්වාසනීය මූලාශ්‍ර මත නිසා එය නොතකා හැරිය නොහැකි එකක් බවද ඔහු එහිදී පැවසූ බව සඳහන්.
කෙසේ වෙතත් මේ සියල්ල දේශපාලන ආරංචි මාර්ග හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඇසෙන පුවත් පමණක් බැවින් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කිසිවකු මෙතෙක් ලබා දී නොමැති බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත.
කෙසේ වෙතත් එවැනි ඝාතන තැතක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂණ අංශ නීතිය ක්‍රියාත්මක කරනු ඇත.