ඉන්දියාව හොල්ලපු WhatsApp වල නව පෙරළිය - ලයිට් බිල්, වතුර බිල් ඇතුළු බිල්පත් ගෙවීමේ අලුත් පහසුකමක්

Report

ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්ස්ඇප් ආයතනය මඟින් සිය වේදිකාව තුළ සෘජුවම බිල්පත් ගෙවීමේ (Bill Payments) නව පහසුකමක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ඉන්දියාවේ වට්ස්ඇප් පරිශීලකයින්ට දැන් යෙදුම තුළම විවිධ බිල්පත් වර්ග පහසුවෙන් ගෙවීමට හැකි වනු ඇති බව සඳහන්.

මෙය වට්ස්ඇප් විසින් පැහැදිලි කර ඇත්තේ,

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න

"අද අපි ඉන්දියාවේ බිල්පත් ගෙවීම් නිවේදනය කරන අතර, එමඟින් මිනිසුන්ට ඔවුන්ගේ එදිනෙදා ගෘහ හා උපයෝගිතා බිල්පත් සොයා ගැනීමට, කළමනාකරණය කිරීමට සහ ගෙවීමට පහසු වේ - සියල්ල යෙදුම තුළ. භාරත් කනෙක්ට් (BBPS) ජාලයෙන් බල ගැන්වෙන මෙම විශේෂාංගය මඟින් විදුලිය, ගෑස්, ජලය, FASTag, රක්ෂණය, ක්‍රෙඩිට් කාඩ් සහ ණය ආපසු ගෙවීම් ඇතුළු කාණ්ඩ 30 ක් හරහා බිල්පත් 22,722 ක් වෙත ප්‍රවේශය ජනතාවට ලබා දේ." යනුවෙන්.

එසේම එසේම මෙටා ඉන්දියා (Meta India) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ එරට ප්‍රධානී අරුන් ශ්‍රීනිවාස් පවසා ඇත්තේ, පණිවිඩයක් යැවීම තරම්ම පහසුවෙන් ගෘහස්ථ බිල්පත් ගෙවීම් කටයුතු ද ඉන්දීය ජනතාවට සමීප කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ අයි.ඕ.එස්. (iOS) යන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් සියලු දෙනා වෙත මෙම නව පහසුකම ක්‍රමයෙන් පුළුල් කිරීමට නියමිතයි.

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

මේ ප්‍රදේශවල ජල කප්පාදුව දීර්ඝ කරයි - නැවත ජලය සපයන වේලාව දන්වා නිවේදනයක්

මේ ප්‍රදේශවල ජල කප්පාදුව දීර්ඝ කරයි - නැවත ජලය සපයන වේලාව දන්වා නිවේදනයක්