මේ ප්‍රදේශවල ජල කප්පාදුව දීර්ඝ කරයි - නැවත ජලය සපයන වේලාව දන්වා නිවේදනයක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක අද (04) දින රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද (04) දින රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කර ඇති බව දන්වයි.
එබැවින් නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම් අත්හිටුවීම බලපායි.
එමෙන්ම සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව සඳහන්.
ඒ අනුව මෙසේ ජල සැපයුම අත්හිටුවීමේ කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළකරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මෙම කාලය තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.