ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්
පසු වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙමින් පවතින බව සඳහන්.
ඒ අනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැරුණු කොට පුද්ගලික මෝටර් රථ කාණ්ඩයේ ප්‍රමුඛයා බවට චීන වාහන පත්වෙමින් තිබෙන බව සඳහන්.
එසේම දශක ගණනාවක් තිස්සේ මෙරට වෙළඳපොළේ ආධිපත්‍යය දැරූ ජපාන සහ යුරෝපා වාහන ආනයනය ශීඝ්‍රයෙන් පහත වැටෙන විට, චීන නිෂ්පාදිත වාහන සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන බව සඳහන්.
එසේම මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජපාන සහ යුරෝපා වාහනවල මිල ගණන් අධික ලෙස ඉහළ යාම හමුවේ, මධ්‍යම පාන්තික ගැනුම්කරුවන් වැඩි වශයෙන් චීන වාහන වෙත නැඹුරු වී තිබෙන බවයි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්
විශේෂයෙන්ම ජපාන නිෂ්පාදිත මෝටර් රථයක මිලට වඩා 30%ක් හෝ 40%ක් පමණ අඩු මිලකට, නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත චීන මෝටර් රථයක් මිලදී ගැනීමට හැකි වීම මෙම නැඹුරුවට ප්‍රධාන හේතුව වී ඇති බව සඳහන්.
ඉකුත් මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෝටර් රථ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අලුතින් ලියාපදිංචි කරන පුද්ගලික වාහනවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් චීන සන්නාමයන්ට අයත් වන බවයි.
එමෙන්ම ජපාන නිෂ්පාදිත මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් රුපියල් මිලියන 25-30ත් අතර මිලකට අලෙවි වෙද්දී, ඊට සමාන පහසුකම් සහිත චීන SUV රථයක් රුපියල් මිලියන 12-18ත් අතර මිලකට ලබා ගැනීමට හැකි වී ඇත.
මේ අතර චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ මෙරට මධ්‍යම පාන්තික වෘත්තිකයන් අතර අතිශය ජනප්‍රිය වී ඇති බව සඳහන්.
මීට පෙර වෙළඳපොළේ 60%කට වඩා වැඩි කොටසක් හිමිකරගෙන සිටි ජපාන සන්නාමයන්ගේ නව වාහන ආනයනය, ඉහළ බදු සහ නිෂ්පාදන පිරිවැය නිසා 40%ක් පමණ දක්වා පහත වැටී ඇති බව සඳහන්.
එසේම වාහන අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ, මීට පෙර චීන වාහනවල ගුණාත්මකභාවය පිළිබඳව පාරිභෝගිකයන් තුළ පැවති සැකය මේ වන විට පහව ගොස් තිබෙන බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත ප්‍රමිතීන් සහ වසර 5කට වඩා වැඩි වගකීම් කාලසීමාවන් ලබා දීම නිසා, ලාංකීය මධ්‍යම පාන්තික පවුල්වල ප්‍රධානතම තේරීම බවට චීන වාහන පත්ව ඇත.
කෙසේ වුවද යුරෝපා වාහන තවමත් සුඛෝපභෝගී කාණ්ඩයේ සිය ස්ථානය රැකගෙන සිටියද, සාමාන්‍ය පාරිභෝගික වෙළඳපොළ තුළ ඒවායේ දායකත්වය අවම මට්ටමකට ඇද වැටී තිබෙන බව සඳහන්.
එසේම ඉදිරි වසර කිහිපය තුළ මෙරට මාර්ග පද්ධතිය තුළ චීන වාහනවල දායකත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරයි.