ඉරානයෙන් ජෝර්දානයට දරුණු මිසයිල ප්‍රහාරයක් - අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Report

ඉරානය විසින් ජෝර්දානයට එල්ල කරන ලද දැවැන්ත බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළෙකු අතුරුදන්ව තිබේ.

ප්‍රහාරයත් සමඟ කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, අදාළ සෙබළුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය විසින් ද මේ වන විට නිල වශයෙන් තහවුරු කර ඇත.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක් - ගිනි නිවන හමුදාව වහාම එම ස්ථානයට

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක් - ගිනි නිවන හමුදාව වහාම එම ස්ථානයට

මෙම දරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් තවත් එක්සත් ජනපද සේවා සාමාජිකයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

අතුරුදන් වූ සෙබළා සෙවීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාර්ශ්වයන් දැඩි අවධානයකින් පසුවෙයි.

කළුබෝවිල වෙඩි තැබීමක් - තුවාලකරුවන් රෝහලට

කළුබෝවිල වෙඩි තැබීමක් - තුවාලකරුවන් රෝහලට