මත් සැකකරුවකු මිය ගිය සිද්ධියට පී.සීට වසර 15කට පසු අධිචෝදනා
වසර 15කට පමණ පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එම කාර්යාංශය තුළ රඳවාගෙන සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ දැනට පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙකු බවයි.
මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ
2011 වසරේ ඔක්තෝබර් මස 30 වන දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ මහාධිකරණ බල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් හසන් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆාහිම් නැමැති අයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කාර්යාංශය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණි.
මෙම සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා දෙකක් යටතේ අධිචෝදනා ගොනුකර ඇත.
රඳවා තබා සිටි සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම සහ ඊට අදාළ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ඉදිරියට පැවැත්වෙන අතර, ඊට සමගාමීව පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.