ප්‍රසිද්ධ ස්ථානයක අර්ච්චුනා යකා නටයි - පරුෂ වචන සමඟ පහරදීම් තත්ත්වය පාලනයට පොලිසිය කැදවයි [VIDEO]

Report

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මෙන්ම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අතර දැඩි බහින්බස්වීමක් සිදුව තිබේ.

මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ මන්ත්‍රීවරයා සහ රැස්වීමට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදීය.

එහිදී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සහ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් නුසුදුසු වදන් භාවිත කරමින් දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟ, කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් රැස්වීමෙන් ඉවත්ව යාමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට ධීවර අමාත්‍යවරයා උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැති අතර, නිලධාරීන් පිටව යාමත් සමඟ අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වීමට ගිය ද පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කර තිබේ.

මෙම කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ වූයේ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ජුනා යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පසුගිය 2025 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිරුවයියාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද උඳු, කවුපි, කුරහන් සහ රටකජු නිෂ්පාදන සංවර්ධන ව්‍යාපෘතිය අත්හැර දැමීම සම්බන්ධයෙන් මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් ප්‍රශ්න කරනු ලැබීය.

මීට අමතරව, කරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇළ රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගෙන තම නිවසට යන මාර්ගය සඳහා රුපියල් මිලියන 3.5 ක රාජ්‍ය ප්‍රතිපාදන යොදවා පාලමක් ඉදිකිරීමට නිලධාරීන් සහය දීමේ සිදුවීමක් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික්කයේ සිදුවන මෙවැනි දූෂණ ක්‍රියාවලට උසස් රාජ්‍ය නිලධාරීන්ද හවුල් වී ඇති බවට රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා සෘජුව චෝදනා කිරීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්තාවක් හටගත් අතර, පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැස්වීම තාවකාලිකව කල් තැබීමට පියවර ගැනිණි.

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට