''රටම එකට" ජාතික මෙහෙයුමෙන් 738 දෙනෙකුට නීතියේ රැහැනට
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ගත වූ දිනය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 738 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 675ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 483ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 816ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් සැකකරුවන් හත් දෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර, මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ පමණක් සිදුකළ වැටලීම්වලදී තවත් පුද්ගලයින් 519 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනය තුළ පුද්ගලයින් 27,415 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, බීමත් රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 112 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 136 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.