ශ්‍රී ලන්කන් ගුවන් යානා 2 ක් මැදපෙරදිග යුද ගැටුමට මැදි වෙයි - ගුවන් අවකාශ වසා දැමීමත් සමඟ පැයකට අධික කාලයක් කුවේට් අහසේ
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක්, මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමඟ, එම ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් පැයකට අධික කාලයක්, එම කලාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිට, සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සමත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසූ බව සඳහන්.
ඒ අනුව මෙම ගුවන්යාන දෙක අද උදෑසන වනවිට, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ.- 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක් වන මෙම ගුවන් යානා 2න් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ, කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) දින පස්වරු 05.10 ට පිටව ගොස් ඇත.
එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) රාත්‍රී 06.36 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණු බව සඳහන්.
FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසිකයොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
After Circling in Kuwait Airspace, SriLankan Airlines UL229 Lands Safely
— Aviation Voice (@Aviation_Voice) July 14, 2026
SriLankan Airlines flight UL229, operated by an Airbus A321neo, has landed safely after circling in Kuwait airspace while awaiting clearance following the temporary closure of the country's airspace amid… pic.twitter.com/MwvL2L8MId