සිසු සැරියක් සහ යතුරුපැදියක් ගැටී බිහිසුණු අනතුරක් - 2ක් ජීවිතක්ෂයට - ගැබිනි කාන්තාවකට බරපතළයි [VIDEO]

Report

අනුරාධපුර, මිහිඳුපුර ප්‍රදේශයේ දී අද (15) දින උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම අනතුරින් ගැබිනි කාන්තාවක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් ගමන් කළ "සිසු සැරිය" බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම අනතුරට ලක් වූ යතුරුපැදියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ගමන් කර ඇති අතර, එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

කෙසේ වෙතත් මූලික විමර්ශනවලට අනුව, ජීවිතක්ෂයට පත් එක් පුද්ගලයෙකු සහ තුවාල ලැබූ ගැබිනි කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ සිට යහළුවෙකුගේ නිවසට පැමිණ තිබෙන අතර, අනතුර සිදුවන අවස්ථාවේ තවත් යහළුවෙකු සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති බව හෙළි වී ඇත.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට හේතුව සොයා වැඩිදුර විමර්ශන අනුරාධපුර රථවාහන පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.  

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,