මේ ප්‍රදේශ වල දැඩි අවදානමක් - පැයට කිලෝමීටර් 60ක වේගයෙන් හමන සුළං

Report

 හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන් වේ.

අද දින පස්වරු 2 දක්වා වලංගු අති විශේෂ නිවේදනයක් රජයෙන් ප්‍රකාශයට - මේ පලාත් විශේෂයි

අද දින පස්වරු 2 දක්වා වලංගු අති විශේෂ නිවේදනයක් රජයෙන් ප්‍රකාශයට - මේ පලාත් විශේෂයි

මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

GalleryGallery