ලෝකෙම කතා කළ මෙසී සහ යමාල්ගේ ඇදහිය නොහැකි ඡායාරූපයේ කතාව - "එදා මාස 5ක බබෙක් අද මෙසීට එරෙහිව ලෝක කුසලාන ෆයිනල් එකේ!" [VIDEO]

By Kanchana Jul 19, 2026 05:20 AM GMT
Report

 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤයේ තරුණ සුපිරි ක්‍රීඩක ලැමීන් යමාල්ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී, වසර 20කට ආසන්න කාලයකට පෙර යමාල් ළදරුවෙකු ලෙස තමන්ගේ තුරුළේ සිටි ඡායාරූපය සිහිපත් කරමින් එය "ඇදහිය නොහැකි සිදුවීමක්" ලෙස විස්තර කර තිබේ.

දැන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති එම ඡායාරූපය 2007 වසරේදී ගනු ලැබුවේ, යමාල්ගේ දෙමාපියන් බාර්සිලෝනා සමාජය සංවිධානය කළ පුණ්‍යාධාර වැඩසටහනක දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

එවකට 20 හැවිරිදි මෙසී, මාස පහක් වයසැති යමාල් කැම්ප් නූ ක්‍රීඩාංගණයේ ඇඳුම් පැළඳුම් කාමරයකදී තුරුළු කරගෙන සිටින අයුරු එහි දැක්වේ. නිව්යෝර්ක්හි පැවති FIFA රසික උත්සවයකදී අදහස් දැක්වූ මෙසී පැවසුවේ, "ඒ ඡායාරූපය ඇදහිය නොහැකි තරම්.

මම ළදරුවෙකු ලෙස ඔහුව තුරුළු කරගෙන ඡායාරූපයක් ගත්තා. අද අපි දෙදෙනාම ලෝක කුසලාන අවසන් තරගයක මුහුණට මුහුණ හමුවීම ඇත්තෙන්ම පුදුමයක්. ඒ තමයි ජීවිතය," යනුවෙනි. 39 හැවිරිදි මෙසී, යමාල් ලොව හොඳම ක්‍රීඩකයන් අතර සිටින අයෙකු බවත්, ඔහු අනාගතයේ තවත් බොහෝ දේ අත්කර ගැනීමට හැකියාව ඇති අතිවිශිෂ්ට දක්ෂයෙකු බවත් සඳහන් කළේය.

ගෝල වැස්සක් මැද 2026 FIFA ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය එංගලන්තයට

ගෝල වැස්සක් මැද 2026 FIFA ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය එංගලන්තයට

"ඔහු අතිදක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට තවමත් වයස අවුරුදු 19ක් පමණයි. ඔහුගේ මුළු වෘත්තීය ජීවිතයම ඉදිරියෙන් තියෙනවා. මම ඔහුට සුබ පතනවා. හැබැයි මේ වතාවේ නම් ශූරයා වෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි අපේ උපරිමය කරනවා,"

යැයි මෙසී පැවසීය.

බාර්සිලෝනා සමාජයේ සංකේතාත්මක අංක 10 ජර්සිය මෙසීගෙන් උරුම කරගත් යමාල්, ස්පාඤ්ඤය සමඟ UEFA Euro 2024 ශූරතාව දිනා ගැනීමට දායක වූ අතර, FIFA ලෝක කුසලානයද ජයග්‍රහණය කර UEFA යුරෝපීය ශූරතාව සහ FIFA ලෝක කුසලානය යන දෙකම දිනාගත් ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අද දිනයේදී අවසන් ශූරතාව සඳහා තරග වදිනු ඇත.

GalleryGalleryGallery