ෆේස්බුක් සේවාවේ ගෝලීය බිඳවැටීමක්

By Malith Madushan Jul 19, 2026 08:51 AM GMT
Report

ලොව පුරා ෆේස්බුක් භාවිතාකරුවන් දහස් සංඛ්‍යාවකට ඩෙස්ක්ටොප් වෙබ් අඩවිය හරහා තම ගිණුම් වෙත ප්‍රවේශ වීමේ ගැටලු මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වාර්තා අනුව, මෙම සේවා බිඳවැටීම ප්‍රථම වරට ඉරිදා පස්වරු 3.30ට පමණ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, ෆේස්බුක් ජංගම දුරකථන යෙදුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර, ගැටලුව ප්‍රධාන වශයෙන් ඩෙස්ක්ටොප් වෙබ් සේවාවට පමණක් බලපා ඇති බව සඳහන් වේ.

සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන DownDetector වෙබ් අඩවියට පැය කිහිපයක් තුළ ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 3,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ.

මේ අතර, පරිශීලකයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ද ෆේස්බුක් වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතා පිළිබඳව අදහස් පළ කර තිබේ.

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්

මිනිසා කේන්ද්‍ර කරගත් AI ලෝක සංවිධානයක් බිහිවෙයි - රටවල් 29ක් එකට එක්වෙයි

මිනිසා කේන්ද්‍ර කරගත් AI ලෝක සංවිධානයක් බිහිවෙයි - රටවල් 29ක් එකට එක්වෙයි