පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබුණි තියුණු ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ වෙඩිවැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි .
බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙක් නිවැසියන්ට පහරදී නිවසට බරපතළ හානි සිදුකර තිබුණි.
ඉන්පසුව පසුව බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ, එම සැකකරුවන් පිළියන්දල දෙසට පලායන බවටයි.
පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස පොලීසිය සිටිනු දැකීම හේතුවෙන් ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන යෑමට උත්සාහ දරා තිබුණු බව පොලීසිය සදහන් කර ඇත.
එහිදී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දැරීමේදී යතුරුපැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී තිබුණි.
එහිදී කොස්තාපල්වරයා පසු පැදිකරු ඉලක්ක කර වෙඩිතබා ඇති අතර, වෙඩි ප්‍රහාරය සැකකරුගේ ඉන ප්‍රදේශයට එල්ලවී ඔහු යතුරුපැදියෙන් බිමට වැටී ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පසුපැදිකරු අත්අඩංගුවට ගත් නමුත් පැදිකරු එම ස්ථානයෙන් පලායාමට සමත්වී තිබේ මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වෙයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පැදිකරුවන්ගේ පහරකෑමට ලක්වූ නිවැසි තරුණියක්ද මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල හා බොරලැස්ගමුව පොලිස් ස්ථාන එක්ව විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි