හෝටලයක මුවාවෙන් ඉදිවන සිමෙන්ති කර්මාන්තශාලාවට එරෙහිව ජනතාව පාරට

Report

කටුනායක 18 කණුව මංසන්ධිය අසල තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු අද (19) උදෑසන දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

ඉකුත් 2020 දෙසැම්බර් 10 වන දින මධ්‍යම පරිසර අධිකාරිය විසින් තරු පන්තියේ හෝටලයක් සඳහා මෙහි ගොඩනැගිලි සැලසුම් අනුමත කර ඇති අතර, 2025 දෙසැම්බර් 25 වන දින නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ද ඊට අදාළ සංවර්ධන බලපත්‍රයක් නිකුත් කර තිබේ.

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

එහිදී අක්කර 6කට අධික භූමි භාගයක වර්ග මීටර් 3,857ක තනි මහල් හෝටල් ගොඩනැගිල්ලක් සඳහා මුලින් අනුමැතිය ලබාගෙන, පසුව එය වර්ග මීටර් 12,925ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති කර්මාන්තශාලාවක් දක්වා සූක්ෂ්ම ලෙස වෙනස් කර බලපත්‍ර ලබාගෙන ඇති බව විරෝධතාකරුවෝ චෝදනා කරති.

 කොළඹ - කටුනායක ප්‍රධාන මහා මාර්ගයේ සිට මීගමුව කළපුව දක්වා විහිදෙන මෙම ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ සමස්ත ජන ජීවිතය සහ සංවේදී පරිසර පද්ධතිය සෘජු තර්ජනයකට ලක්ව ඇත.

විශේෂයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ගය, ප්‍රදේශයේ සංචාරක හෝටල්, ජාත්‍යන්තර පාසල් 3ක් මෙන්ම නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් රැඳී සිටින නේවාසිකාගාර ද මේ නිසා දැඩි බලපෑමකට ලක්වේ.

මීට අමතරව මීගමුව කළපුවේ ධීවර ජනතාව, මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරිකයන් සහ විශේෂ ගැසට් පත්‍රයකින් ආරක්ෂිත කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන වනාන්තරය ද මෙයින් විනාශ වීමේ අවදානමක් පවතී.

මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ

මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ

අතිශය සංවේදී ජනාවාස සහ සංචාරක කලාපයක් මැද සිමෙන්ති දූවිලි  නිකුත් කරන කර්මාන්තශාලාවක් ක්‍රියාත්මක වීමට ඉඩ දිය නොහැකි බවත්, මේ පිළිබඳව වහාම බලධාරීන් මැදිහත් විය යුතු බවත් විරෝධතාවයට සහභාගී වූ ජනතාව අවධාරණය කළහ.