රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක් - ගිනි නිවන හමුදාව වහාම එම ස්ථානයට

Report

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

දෙහිවල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අදාළ මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වූ දෙහිවල ගිනි නිවීමේ ඒකකය, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් කඩිනමින් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ දැඩි උත්සාහයකින් පසුව මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා පාලනය කිරීමට හැකි වූ බව ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් තහවුරු කළේය.

ගින්නෙන් සිදු වූ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් කර නොමැති අතර, ගින්න හට ගැනීමට හේතුව සෙවීම සඳහා ප්‍රදේශයේ පොලීසිය සහ අදාළ අංශ එක්ව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අද දින පස්වරු 2 දක්වා වලංගු අති විශේෂ නිවේදනයක් රජයෙන් ප්‍රකාශයට - මේ පලාත් විශේෂයි

අද දින පස්වරු 2 දක්වා වලංගු අති විශේෂ නිවේදනයක් රජයෙන් ප්‍රකාශයට - මේ පලාත් විශේෂයි