ලෝකයේ වඩාත්ම වැදගත් බලශක්ති ධමනි දෙකම ඉරානය වහන්න යයි - තෙල් මිලත් ඩොලර් 200 පනින බවට රතු එළි
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු, සෞදි අරාබිය තම තෙල් අපනයනය කරන ප්‍රධාන ගෝලීය නැව් මාර්ගයක් වන රතු මුහුදට පිවිසෙන බාබ් එල්-මැන්ඩෙබ් දොරටුව ඇතුළු අතිරේක බලශක්ති අපනයන මාර්ග වසා දමන බවට ටෙහෙරානය ඊයේ(15) දින තර්ජනය කළ බව වාර්තා වේ.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ප්‍රහාර වටයක් දියත් කිරීමෙන් පසුවයි.
කෙසේ වුවත් රතු මුහුදට පිවිසෙන දොරටුව වන බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීම බලශක්ති අර්බුදයේ සහ ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින පුළුල් ගැටුමේ නව පෙරමුණක් විවෘත කරනු ඇති බව සඳහන්.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු සහ එක්සත් ජනපදය ඉරාන වරායන් නාවික අවහිර කිරීම නැවත පැනවීමෙන් පසු, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය “ඇමරිකා එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට ප්‍රතිලාභ ලබා දෙන අනෙකුත් සියලුම අපනයන කොරිඩෝ” වසා දමන බවට තර්ජනය කර ඇති බවයි.
ඒ අනුව ඊයේ(15) දින නිකුත් කළ නිවේදනයක ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ, "කලාපීය බලශක්ති අපනයන සියල්ලන් විසින් බෙදා ගනු ලැබේ, නැතහොත් සියල්ලන්ටම ප්‍රතික්ෂේප කරනු ලැබේ," යනුවෙන්.
මේ අනුව විශ්ලේෂකයින් පවසා ඇත්තේ ඉරානය යේමනයේ සිටින තම හූති සහචරයින් යොදාගෙන රතු මුහුදට පිවිසෙන බාබ් එල්-මැන්ඩෙබ් දොරටුව වසා දැමීමට ඉඩ ඇති බවට සංඥා කරමින් සිටින බවත්, එමඟින් වොෂින්ටනයට එරෙහිව නව පෙරමුණක් විවෘත වන බවත්, ලෝකයේ වඩාත්ම වැදගත් බලශක්ති ධමනි දෙකක් අවදානමට ලක් කරන බවත්ය.
එමෙන්ම මෙහි පටු දොරටුව රතු මුහුද ඒඩන් බොක්ක සමඟ සම්බන්ධ කරන අතර, ඒ ඔස්සේ සෞදි තෙල් අපනයනය සහ ගෝලීය නැව්ගත කිරීමේ සැලකිය යුතු කොටසක් ගමන් කරයි.
කෙසේ වෙතත් සෞදි අරාබිය යේමනයට දිගින් දිගටම පහර දුන්නොත් තෙල් මිල බැරලයකට ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බව පවසමින් බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමට හූති කණ්ඩායම සූදානම් බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳුදා අනතුරු ඇඟවූ බව සඳහන් වේ.