උදේම අතුරුගිරියේ බිහිසුණු අනතුරක් - මාර්ගයේ ගමනාගමනය ඇණහිටී - දැඩි උත්සාහයකින් පසු 20 දෙනෙක් රෝහලට [VIDEO]
අද(17) දින අලුයම 4.15ට පමණ ගොඩගම - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් සහ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
ඒ අනුව මෙම අනතුරත් සමඟ එම මාර්ගයේ ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් ඇණහිට තිබූ බව සඳහන්.
අනතුරින් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් ඔරුවල සහ හෝමගම මූලික රෝහල්වලට ඇතුළත් කර ඇති අතර බස් රථයේ රියදුරු පැයයි විනාඩි 45ක පමණ කාලයක දැඩි පරිශ්‍රමයකින් පසුව පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එසේම අනතුරින් ටිපර් රථයට සහ බස් රථයට දැඩි හානි සිදුව ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,