කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට මිනිස්සු පත්වෙලා - ආණ්ඩුවේ මර්දනය ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්
මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානි කරගන්න වෙයි කියලා.ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කළේ කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම ආසනයේ පසුගිය දා පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
මේ රටේ රාජ්‍ය පාලනය පරිවර්තනය කරන්න යන සටනට විරුද්ධව අද මේ රටේ බහුතරයක් ජනතාව පෙළගැහෙනවා. එක පැත්තකින් අපි අධිකරණ පද්ධතිය, වෙනදා නොවෙච්ච ආකාරයට දේශපාලනීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ දරනවා. අද පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරු, ආසියාවේ නීතිඥවරු, ලංකාවේ නීතිඥ සංගමය, ගරු විනිශ්චයකාරවරුන්ගේ සංගම්, මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව සටන් වදිනවා. ඒක ආරක්ෂා වෙන්න ඕනේ කියලා. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා, රාජ්‍ය සේවකයාට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන කොන්ද කෙලින් තියන්, තීන්දු තීරණ අරගෙන මේ රටේ ජනතාවට සේවය කරන්න බැරි තැනට රාජ්‍ය සේවය කප්පාදු කරලා දාලා. නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තීන්දුවක් ගත්තොත් ඔහුගේ ඉරණම බොහෝ දුරට සිරගත වීම බවට අද පත්වෙලා තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ඔබට මතක ඇති පහුගිය කාලවල කුණාටු වෙනකොට වෙනදා ක්‍රියාත්මක වෙච්ච ආකාරයට නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ඒ ඔවුන්ගේ අත් බැඳලා. රාජ්‍ය සේවකයාගේ අත් දෙක බැඳලා වැඩ කරපන් කිව්වට, නීතියෙන් බාධා දාලා, තීන්දු තීරණ ගැනීමේ නිදහස නැති කරලා, මේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව කෙරෙහි ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ දමන්න උත්සාහ කරනවා. උපාධිධාරීන්ට රැකියා බලාපොරොත්තුවක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඔවුන්ගෙන් ගෙයින් ගෙට ඇවිද්දවලා එදා ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවගන්න පාවිච්චි කරේ මේ රටේ උපාධිධාරීන්.
අද ඔවුන් තමන්ගේ රැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලන කොටත් ගහලා පන්නන තැනට ආණ්ඩුව පත් වෙලා. රජයේ රැකියාවක් බැරිනම් අවම වශයෙන් පෞද්ගලික අංශයේ රැකියාවලට දරුවෝ යොමු කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද? ආයෝජකයෝ රටින් පිටවෙනවා. රටේ ආයෝජකයෝ ඇවිල්ලා කර්මාන්තශාලා, ආයතන ඉදිකරනවා වෙනුවට තියෙන කර්මාන්තශාලා ටිකත් වහලා නැවත වෙනත් රටවල්වලට තමන්ගේ ආයෝජන අරගෙන යනවා.කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරපු විදේශ ආයෝජකයෝ තමන්ගේ මුදල් එළියට ගන්නවා. ආණ්ඩුව සමස්ත මේ රටේ වගේම විදේශ ආයෝජකයාගේ වගේම, මේ රටේ ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගන්න බැරි වෙලා තියෙනවා. අසීමිත බදු ප්‍රතිපත්තියක්. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බදු ගහපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. වැඩියෙන්ම. බුලත් විටේ ඉඳන් බදු ගහන තැනට ගෙනාවා. බුලත් විටේ ඉඳන්. පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළත මේ ආණ්ඩුව ගත්තු හැම තීන්දුවක්ම පුරවැසියාගේ සෘජුවම ආර්ථිකයට, සමාජයට, සමාජ-දේශපාලන පරිසරයට බලපෑවා. සෘජුවම. අත්තනෝමතික විදිහට තීන්දු ගන්නේ. අද ගොවි ජනතාව එක පැත්තකින් අසරණ වෙලා. ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. අසීමිත මිලකට පොහොර දෙන්නේ. ඒ පොහොර මිලත් එක්ක ගොවියාට තමන්ගේ අස්වැන්න කළමනාකරණය, අස්වැන්නෙන් එන ලාභය හෝ ආදායම කළමනාකරණය කරගන්න බැරි තැනට පත්වෙලා තියෙනවා.තේ ගොවියාටත් එහෙමයි. තේ ගොවියාගේ පොහොර මිටියක් පහළොස්දාහයි විසිදාහයි අතර යන්නේ. ඒ ගාණට පොහොර අරගෙන අපේ හාමුදුරුවනේ තේ ගොවියාගේ කුඩා තේවතු හිමියාගේ හෝ තේ ගොවියාගේ ආර්ථිකය කොහොමද අපි ශක්තිමත් කරන්නේ? අපේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම්, ආණ්ඩුවට ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්තියි.
අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයාගේ ආදායම නැති කරලා, පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයාගේ ආදායම වට්ටලා දාලා, අවසානයේ නඩුත් දාලා, හිරෙත් දාලා, ව්‍යාපාර වසන තැනට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන්නේ. එවැනි අපේ රටට නොගැලපෙන, මේ රටේ පුරවැසියාට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. හැබැයි දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරයා හා ආණ්ඩුව කියනවා අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ ගිණුමේ කෝටි ගණන් තියෙනවාලු අසීමිත බදු ගහලා ආණ්ඩුව ගන්න බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ. ඒවා ආණ්ඩුව ගිණුම්වල තියාගෙන ඉන්නවා කියලා පහුගියදා ඇවිල්ලා කියනවා හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන ගිහිල්ලාලු. දැන් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඒ බද්දෙන් ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ගෙවල් ටික හැදෙන්නේ නැහැ. ඒ බද්දෙන් ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ලැබෙන්නේ නැහැ. ඒ තමන් ගෙවන බදු මුදලින් ගමේ ඉස්කෝලේ වැසිකිළිය, කැසිකිළිය, වහල හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ වැඩිම ආදායම ලබපු ආණ්ඩුව කියන ආණ්ඩුව..ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබපු කාලසීමාව කියන ආණ්ඩුව, ඒ ආදායම තමන්ගේ ගිණුමට දාලා, ඒ ගිණුමෙන් නොදන්නා පුද්ගලයෙක් හොරා අරගෙන යනවා. අවසානයේ බදු ගෙවපු මනුස්සයට සාධාරණයක් වෙන්නෙත් නැහැ,
රටේ පුරවැසියට සාධාරණයක් වෙන්නෙත් නැහැ. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙපැත්තට බෙදිලා බැන ගන්නවා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි එකිනෙකාට චෝදනා කරගන්නවා.
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
දැන් කවුද මේ ගත්තු සල්ලි ගත්තේ? හැබැයි එකක් එකක් පැහැදිලියි. සල්ලි ගත්තු එකා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ ඔබට. ගත්තු එක්කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ පුරවැසියට. දෙගොල්ලෝ ගහගන්නවා කාගෙන්ද වැරදුනේ කියලා. හැබැයි දෙගොල්ලම එකතු වෙලා කියනවා වැරදිච්ච කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවට. බාල ගල් අඟුරු ගෙනාවා. අද වෙනකම් බාල ගල් අඟුරු වලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ? අවුරුදු දෙකක්, දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකක්. හැබැයි මේවා ගැන කතා කෙරුවොත්, මේවා පිළිබඳව සමාජයේ විවේචනය කෙරුවොත්, ඒ අයට විරුද්ධව නම් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා පැය 24 න්. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. පන්නපු එකා අල්ලන්නේ නැහැ, පන්නපු එකා පෙන්නලා දෙන එක්කෙනාට නඩු දානවා, පොලීසියෙන්. ගිණුමෙන් සල්ලි හොරකම් කරපු කෙනාට නඩු නැහැ, එයාව හොයාගන්නත් නැහැ.
හැබැයි හොරකම් කරා කියලා කියන කෙනාට ආණ්ඩුව නඩු දානවා. බාල ගල් අඟුරු ගෙනාපු සමාගමට නඩු නැහැ, හැබැයි ගල් අඟුරු බාලයි කියලා පෙන්නපු කෙනාට ආණ්ඩුව නඩු දානවා. මේක තමයි මගේ ආදරණීය අම්මේ තාත්තේ මේ ආණ්ඩුවේ මර්ධනයෙන්, මර්ධනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආණ්ඩුවත් දැනගන්න ඕනේ ඒවාට වැඩි ආයුෂ නැහැ. මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.වැඩිම කාලසීමාව. සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානිකරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා. මේවා පිළිබඳව හොයන්න ඕනේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අද අපි ගමේ ශක්තිමත්ව ගොඩනැගෙමු. මේ ආණ්ඩුව හිතනවා නම් ජන මතයට පිටුපාලා, ජනතාව පාගලා, මර්දනය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න පුළුවන් කියලා, ඒක ආණ්ඩුවට වැරදිලා