බදු නොගෙවන අයට හිරේ යන්න වෙන වැඩක් - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැඩි නියෝගයක්

Report

නිෂ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

   2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය හිමිව ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම යන හේතූන් සඳහා එලෙස නඩු පැවරීම සිදුකළ හැකි බව වාර්තා වෙයි .

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

කෙසේවෙතත් නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිතා කරන අතර ඊට පෙර නීතිමය ක්‍රියාවලීන් කිහිපයක් අනුගමනය කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තව දුරටත් ප්‍රකාශ කර තිබේ එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නඩු පැවරීමකට පෙර ඒ පිළිබඳ දැනුම්දී නිවේදනයක් නිකුත් කිරීම සහ දින 30ක සහන කාලයක් ලබාදීම සිදුවන බවයි.

අදාල කාලය තුල එම අවශ්‍යතාවය සපුරාලීම සිදු නොකරන්නේ නම් එය නීතිමය වරදක් ලෙස සැලකෙන අතර ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට හැකියාව පවතින බව වාර්තා වෙයි.

   මේ අතර, යම් හෙයකින් අදාල චෝදනාවට වරදකරු වූවහොත් රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩයක් මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ අදාල දණ්ඩණයන් දෙකම පැනවීමට හැකියාව පවතින බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබුවේ මෙම වැඩපිළිවෙල හිතාමතා බදු වංචාකරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා පමණක් වන අතර සහයෝගීව කටයුතු කරන පුද්ගලයින්ට දඬුවම් කිරීම මෙහි අරමුණ නොවන බවයි.