FIFA අවසන් මහා සටනේ උණුසුම අද ගාලුමුවදොරටත්
By Malith Madushan
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ උණුසුම ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් සමඟ බෙදාගැනීම සඳහා විශේෂ සජීවී නැරඹුම් වැඩසටහනක් අද කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබේ.
ඒ අනුව ලෝක පාපන්දු කිරුළ සඳහා පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයේ උද්වේගය සමඟ එක්වීමට පාපන්දු ලෝලීන්ට ගාලු මුවදොර පිටියට පැමිණෙන ලෙස සංවිධායකයින් ආරාධනා කර ඇත.
ලෝක කුසලාන අවසන් මහා තරගයේ සජීවී අත්දැකීම විශාල පිරිසක් සමඟ එක්ව විඳගැනීමේ අවස්ථාව මෙහිදී හිමිවන අතර, මෙම වැඩසටහන සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ බව සංවිධායකයින් සඳහන් කරයි. පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ එක්ව මෙම පාපන්දු සැණකෙළියට සහභාගි වී ලෝක කුසලාන අවසන් තරගයේ උද්වේගකර මොහොත අත්විඳින ලෙස පාපන්දු ලෝලීන්ට ආරාධනා කෙරේ.