එළඹෙන 2027 වසර අවසන් වීමට පෙර විදුලිය නිපදවීමේ වෙනසක් - රජයෙන් විශේෂ දැනුම්දීමක්
එළඹෙන 2027 වසර අවසන් වීමට පෙර ඩීසල් භාවිතයෙන් සිදුකරන විදුලි උත්පාදනය අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම පවසයි.
සිදුකළ විමසීමකදී අදහස් දක්වමින් එහි සභාපති ආචාර්ය ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා පැවසුවේ, 2027 වසර අවසානය වන විට මෙගාවෝට් 750ක පමණ විදුලි ධාරිතාවක් බැටරි ගබඩා පද්ධති මඟින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බැවින් ඩීසල් භාවිතය විශාල වශයෙන් අවම කිරීමට හැකියාව ලැබෙන බවයි.
මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ
මේ වන විටත් මෙගාවෝට් 160ක ධාරිතාවයෙන් යුත් බැටරි මෙරටට රැගෙන විත් පද්ධතියට සවි කරමින් පවතින අතර, පුද්ගලික අංශයේ ආයෝජන යටතේ තවත් මෙගාවෝට් 250ක් ලබා ගැනීමට ලංසු කැඳවා ඇත.
එම කොටස ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් අතර කාලය තුළ පද්ධතියට සවි කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ මෙගාවෝට් 100ක් විදුලි සම්ප්‍රේෂණ සමාගම මඟින් සම්පාදනය කිරීමට ලංසු කැඳවා ඇති අතර, පොළොව මත සවි කරන ලද සූර්ය බලාගාර සඳහා තවත් මෙගාවෝට් 150ක බැටරි සවි කිරීමට ඉදිරියේදී ලංසු කැඳවීමට නියමිතය.
මෙමඟින් 2027 අවසන් වන විට මෙගාවෝට් 750ක බැටරි ධාරිතාවක් පද්ධතියට එක්වන අතර, 2028-2029 වසරවලදී ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං බලශක්ති ව්‍යාපෘති හරහා දැවි තෙල් භාවිතය ද අවම කිරීමට සැලසුම් කර ඇත.
මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 30 සිට 35 දක්වා වූ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන අතර, එහි සෘජු වාසිය මහජනතාවට ලබා දෙමින් ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමට ද හැකියාව ලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.