හොරණ කනන්විලදී යතුරුපැදියක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටෙයි- තරුණයන් දෙදෙනෙකුගේ ජීවිත බිලිගත් බිහිසුණු අනතුර
හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පංසල අසල වංගුව ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදියක් ටිපර් රථයක වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (19) අලුයම 2.30ට පමණ හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පංසල අසල වංගුව ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදියක් ටිපර් රථයක වැදීමෙන් එහි ගමන් කළ තරුණයින් දෙදෙනා තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබේ
මෙම අනතුරින් අවුරුදු 25ක් සහ 17ක් වන දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ උදීෂ සිත්මිණ යන පන්නිපිටියේ සහ කිරිවත්තුඩුවේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබේ
මොවුන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ පැවති සංගීතයක් නරඹා නැවත නිවෙස්බලා ගමන්කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අධික වේගයෙන් හොරණ සිට ගමන් කරමින් සිට ඇති තරුණයින් දෙදෙනා කනන්විල වංගුව ගැනීමට යාමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය දකුණු මංතිරුවට ඇදීගොස් ප්‍රතිවිරැද්ධ දෙසින් පැමිණි වැලි පැටවු ටිපර් රථයක ගැටී අනතුර සිදුව තිබේ
මෙම අනතුරින් පසු ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ ඔහු අද හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ