දියුණු සමාජයේ මිනිස්සුන්ගෙන් නොදියුණු ගතිගුණ ඉස්මතු වෙනවා - කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දුන් කටුක ඇත්ත මෙන්න [VIDEO]
මිනිස් සමාජය තුළ ආගම සම්බන්ධයෙන් ඇත්තේ, අල්ප මාත්‍ර හැඟීමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සදහන් කර තිබේ .
මාකෙවිට දිව්‍ය ගැලවුම්කාරයාණන්ගේ දේවස්ථානයේ 150 ජුබිලි මංගල්‍ය සන්ධ්‍යා දේව මෙහෙයට එක්වෙමින් බොහෝ දියුණු රටවල ජනතාව සති අන්තයේදී දෙව්මැදුරුවලට නොපැමිණ විවිධ විනෝදාංශවල නිතර වන බව ද කාදිනල් හිමියන් පෙන්වාදෙයි.
උන්වහන්සේ අවධාරණය කළේ යුරෝපයේ ඇති බැසිලිකා දෙව්මැදුරු හිස්වී ඇති බවත් පාපන්දු ක්‍රීඩා කරන ස්ථානවලට ජනතාව මෝඩ අයුරින් රැස්වන බවයි. දියුණුයැයි කියාගන්නා සමාජයේ ජනතාව තුළින් නොදියුණු ගතිගුණ ඉස්මතුවෙමින් තිබෙන බවත් ජනතාව මනුෂ්‍යත්වය නමැති උතුම් ගතිගුණ අමතක කර ශාරීරික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර තිබේ.
මෙවැනි සමාජයක් තුළ අධ්‍යාත්මික ජීවිතයට සුළු ස්ථානයක් පමණක් පවතින අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පෙන්වාදුන්නේය.