පැහැරගත්තු මාලිමාවේ මන්ත්‍රී දෙපළ උණවටුනෙන් හමුවෙයි

Report

ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) දින සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා ඇත. එසේම එම මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අද දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම තිබූ අතර, එහිදී අඳාළ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා මෙසේ පැහැරගැනීමකට ලක්ව ඇති බව වාර්තා වුණා.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් ඇතිවූ නොසන්සුන්තාවක් නිසා අද දින වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට සිදුවූ බව ද පවසයි.

ඡන්ද විමසීමේ ප්‍රතිඵල මත ජාතික ජන බලවේගය සභික ධුර 22ක් හිමිකරගෙන තිබූණා. එසේම සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සභිකධුර 22 ක් හිමිකරගෙන ඇත.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම සඳහා දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට පමණ සභාවේ කටයුතු ආරම්භ විය.

එහෙත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි නිසා ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇති බවට එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබෙනවා.

මේ නිසා ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේ අඳාළ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන ලෙසයි.

එහෙත් පළාත් පාලන කොමසාරිස්වරිය එහිදී සභාවේ ගණපූරණය පවතින නිසා එය කළ නොහැකි බව පවසා ඇත.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

එහිදී සභාව මිනිත්තු 30කට කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට ගත් උත්සාහ‍යත් සමඟ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළ බව වාර්තා විය.

මෙම තත්ත්වය මත සභාවේ කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී ඇත. එම තත්ත්වය නිසා දින 30ක් තුළ නැවත සභාව රැස්වීමේ බලාපොරොත්තුවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර තිබෙනවා.

එසේම පැහැරගැනීමට ලක්ව ඇත්තේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරිය බව සඳහන්.

මාස්ක් දාගෙන ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ අඹුසැමි යුවළක් මාට්ටු

මාස්ක් දාගෙන ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ අඹුසැමි යුවළක් මාට්ටු