බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි [VIDEO]

Report

අද (27) දින සිසුවියන් 54 දෙනෙක් රැගෙන ත්‍රිකුණාමලයේ සංචාරයකට ධාවනය වෙමින් පැවති බස්රථයක් පදවමින් සිටි රියදුරු බස් රථය තුළ ම හෘදයාබාධයකින් මියයාම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල ඛේදවාචකයක් එහි රිය සහායකගේ මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇත.

සිදුවීමට මුහුණ දී ඇත්තේ කුරුණෑගල බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් බව වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අඳාළ බස් රථය අද උදෑසන 8.20ට පමණ කන්තලේ වැව් බැම්ම පසුකර විනාඩි පහක් ගතවන විට මෙම සිදුවීම වී ඇත. ඒ කන්තලේ හන්දියේ දීයි. කෙසේ වෙතත් අනතුරට හේතුව ලෙස සඳහන් වූයේ බස් රථයේ රියදුරුට රිය ධාවනය අතරතුර හෘදයාබාධයක් සෑදීමෙන් ඔහු එහි බොනට්ටුව මතට ඇද වැටීමයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සිටි එහි සහායක කුරුණෑගල මල් කඩුවාව පදිංචි මොහොමඩ් රිස්වාන් (53) විස්තර පැවසුවා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඒ අනුව" අපි කුරූණෑගලින් පාන්දර හතරහමාරට විතර පිටත් උනා. පිටත්වෙන කොට රියදුරුට කිසිම අසනීප ගතියක් තිබුනේ නෑ. බස් එකේ බණ්ඩාරණායක විද්‍යාලයේ ගැහැනු දරුවෝ පණස්හතරක් හිටියා. එන අතරමග හබරණ පහුකරලා නතරකරලා උදේ කෑම කෑවා. ඊට පස්සේ එතැනින් පිටත් වෙලා කන්තලේ වැව් බැම්ම පහුකරලා විනාඩි පහක්වත් ගියේ නෑ මම දැක්කා රියදුරු මහත්තයා රියදුරු අසුනේම සිටියදී බස් එකේ බොනට් එක උඩට වැටිලා ඉන්නවා. දරුවෝ කෑ ගහන්න ගත්තා. මම ඉක්මනට එතැනට පැනලා පාරේ දකුණු පැත්තට යන්න ගිය බස් එක සුක්කානමින් පාලනය කරලා වම් පැත්තට කැපුවා. එතකොට ඩෝං ගාලා සද්දෙත් එක්ක බස් එක නැවතුනා. බස් එක විදුලි කනුවක ගැටිලා නතර වෙලා තිබුණා. දරුවො ටික දෙයියෝ බේරුව වගේ සිදු උනේ. තව විනාඩි කිහිපයකට කලින් වුණා නම් කන්තලේ වැවට බස්එක ගිහිල්ලා මහ විනාශයක් වෙන්න තිබුණා."

කෙසේ වෙතත් ඉන් අනතුරුව කුරුණෑගල බණ්ඩාරනායක විද්‍යාලයෙන් සංචාරයට පැමිණි අනතුරට පත් වූ බසයේ සිටි සිසුවියන් වෙනත් බස් රථයක නංවා පිටත් කිරීමට එම විද්‍යාලයේම ගුරුවරුන් කටයුතු කර තිබෙනවා.

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

බස් රථයේ රියදුරු වයස 62 ක් වූ කුරුණෑගල බමුණුවෙල ප්‍රදේශයේ පදිංචි විතානලාගේ අරුණ ආනන්ද නම් අයෙක්.

ඔහුව අනතුර සිදුවූ වහාම කන්තලේ හන්දිය ප්‍රදේශයේ පිරිස පැමිණ බස් රථයෙන් ඉවතට ගෙන ක්ෂනිකව රෝහල් ගත කල ද ඒ වනවිටත් ඔහු හෘදයාබාධයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

ඒ අනුව ඔහුගේ දේහය මේ වන විට කන්තලේ රෝහලේ තබා ඇත.

එසේම කන්තලේ පොලීසියේ රථවාහන අංශය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බව සඳහන්.  

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි