ඉරානයේ නව නායකයා ගැන ට්‍රම්ප් හදිස්සියේ අදහස වෙනස් කර ගනී - ඉරානයට සුබ ආරංචියක්

Report

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තවමත් ජීවතුන් අතර සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති නමුත්, ඔහු මියයනවා දැකීමට තමාගේ කැමැත්තක් නැතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය හමුවේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මොජ්තබා කමේනි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති අතර, ඉකුත් 28 වැනිදා එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුණු ආකාරයට ඔහු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රුසියාවට ගෙන ගොස් ඇතැයි ද පැවසේ.

කෙසේ වුවද මොජ්තබා කමේනි රැසියාවට යෑම ගැන ට්‍රම්ප් කිසිවක් සඳහන් කර නැත.

ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉති‍රෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී

ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉති‍රෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් අනතුරුව මොජ්තබා කමේනි නව නායකයා වශයෙන් තෝරා පත් කර ගැනීම සිදුව තිබුණා.

එමෙන්ම මොජ්තබා කමේනි යනු අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වේ.

එසේම මැදපෙරදිග වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ ඉරානය නිකුත් කරන පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි අවදානයෙන් පසුවන බව රුසියාව සඳහන් කරයි.

ටෙක්සාස්හි තෙල් පිරිපහදුවේ දරුණු පිපිරීමක් නිවෙස් හෙල්ලෙයි - වහාම නිවෙස්වලට වී ආරක්ෂිතව ඉන්නැයි දැනුම් දෙයි

ටෙක්සාස්හි තෙල් පිරිපහදුවේ දරුණු පිපිරීමක් නිවෙස් හෙල්ලෙයි - වහාම නිවෙස්වලට වී ආරක්ෂිතව ඉන්නැයි දැනුම් දෙයි

ඒ අනුව රුසියාවේ ටාස් පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, මෙම අර්බුදය කඩිනමින් සමනය වනු ඇතැයි රුසියානු රජය විශ්වාසය කරන බවයි.

එමෙන්ම ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ, ඉරානය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් එකිනෙකට පටහැනි ප්‍රකාශ රැසක් මේ වනවිට අසන්න ලැබී ඇති බවයි.

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු කඩාකප්පල් කිරීම ගැන සෞදිය කනස්සල්ලෙන්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු කඩාකප්පල් කිරීම ගැන සෞදිය කනස්සල්ලෙන්

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි