ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන්ට අතිවිශේෂ නිවේදනයක් - ගෑස් හිඟයක් නොවැම්බර් සිට ක්‍රියාත්මකයි
නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ට ද අවශ්‍ය ගෑස් වෙළෙඳපොළට නිකුත් කරමින් සමස්ත ගෑස් අවශ්‍යතාවය පූර්ණ ලෙස සපුරාලීමට පියවර ගෙන ඇති බවයි.
සාමාන්‍යයෙන් මෙරට මාසික සමස්ත ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් (ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000 සහ තරගකාරී සමාගම මෙට්‍රික් ටොන් 6,000) වන නමුත්, වර්තමාන ඉල්ලුම සැලකිල්ලට ගෙන නොවැම්බර් මාසය වෙනුවෙන් Geo Gas ආයතනය හරහා ගෑස් මෙට්‍රික් ටොන් 44,000ක් ඇණවුම් කර තහවුරු කර ඇති බව ද හෙතෙම පැවසීය.
සියල්ල බලා සිටි නෙහාරා - මේනක පවුලට අලුතින්ම එකතුවුණු අමුත්තා මෙන්න දුවෙක්ද පුතෙක්ද යන්න පළමු වරට දැනුම්දෙයි
මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Goodwill' නෞකාවේ ගොඩබෑම් කටයුතු මේ වන විට සිදුකෙරෙන අතර, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Quarantine' නෞකාව හෙට (01) දිවයිනට ළඟා වීමට නියමිතය. ඒ අනුව අද (31) පස්වරුව වන විට කොළඹ ප්‍රදේශයටත්, හෙට (01) දිනයේ සිට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටත් සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුවනු ඇත.