දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

Report

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කිරීමට කටයුතු කරන මෙන් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ විදුලි ඉල්ලුම උපරිම වන (Peak Demand) මෙම කාලසීමාව තුළ විදුලි පාරිභෝජනය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමෙන් බලශක්ති ක්ෂේත්‍රයට විශාල ශක්තියක් විය හැකි බවයි.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අතීතයේ විදුලිය කප්පාදු කළ කාලවල්වලදී ජනතාව අඳුරේ සිටීමට හුරු වී සිටි බවත්, එම කාලසීමාවන්හිදී භාවිත කළ විවිධ විකල්ප තාක්ෂණික උපකරණ තවමත් බොහෝ නිවෙස්වල තිබෙන බවත්ය.

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

එබැව්න් එම පැරණි උපකරණ සහ ක්‍රමවේදයන් රාත්‍රී කාලයේදී නැවත භාවිතයට ගැනීමෙන් උපරිම විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ජනතාවට දායක විය හැකි බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හරහා පවතින බලශක්ති අභියෝග ජය ගැනීමට සහය වන ලෙසයි.

අද මේ අයට මිලිමීටර් 50 ට වැඩි වැසි - 2 න් පස්සේ වෙන දේ ගැන නිවේදනයක්

අද මේ අයට මිලිමීටර් 50 ට වැඩි වැසි - 2 න් පස්සේ වෙන දේ ගැන නිවේදනයක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

බස් ගාස්තුව ඉහළට - අගයන් සමඟ නව මිල ගණන් මෙන්න

බස් ගාස්තුව ඉහළට - අගයන් සමඟ නව මිල ගණන් මෙන්න