පස්වරු 1.00න් පස්සේ ප්රදේශ කිහිපයකට තද වැසි සහ අකුණු - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදයක්
By Kanchana
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
තවද, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්