ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉතිරෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී[VIDEO]
තම රටට එරෙහිව ඇමරිකානු - ඊශ්‍රායල හමුදා දියත් කර ඇති යුද්ධය අද වන විට 25 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට විරෝධය පළ කරමින් රජයට පක්ෂපාතී විරෝධතාකරුවන් ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ප්‍රධාන වීදිවලට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව නව බෝම්බ ප්‍රහාර එල්ල වීමේ තර්ජන සහ තද වැසි නොතකා, ටෙහෙරානයේ දිගම වීදිය වන 'වාලියාසර්' වීදියට රැස් වූ ජනතාව ධජ ලෙළවමින් සහ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ රජයට සහය පළ කරන දේශප්‍රේමී සටන් පාඨ කියමින් සිටින අයුරු දර්ශනවල සටහන් වන බව වාර්තා වේ.
ටෙක්සාස්හි තෙල් පිරිපහදුවේ දරුණු පිපිරීමක් නිවෙස් හෙල්ලෙයි - වහාම නිවෙස්වලට වී ආරක්ෂිතව ඉන්නැයි දැනුම් දෙයි
මේ අතර අඟහරුවාදා අලුයම වන තෙක්ම සිය ගණනක් ජනතාව 'එංගෙලාබ්' චතුරශ්‍රයට හෙවත් විප්ලව චතුරශ්‍රයට රැස්ව සිටියා.
එහිදී රටේ වර්තමාන උත්තරීතර නායක මොජ්තබා කමේනි සහ ඔහුගේ පූර්වගාමීන්ගේ රුව සහිත පුවරු කැපී පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමද සිදු කර තිබූ බව සඳහන්.
එසේම ටෙහෙරානයට බටහිරින් පිහිටි 'කරාජ්' නගරයේත්, ඉරාක දේශසීමාවට ආසන්න බටහිර ඉරානයේ 'ඉලාම්' නගරයේත්, කැස්පියන් මුහුදට ආසන්න උතුරු දිග 'සාරි' නගරයේත් මෙවැනිම දර්ශන වාර්තා වන බව මෙහර් පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කර ඇත.