මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ලියාපදිංචි නොවී, දැනට භාවිතයේ පවතින යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මහජන දැනුම් දීමකට අනුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනවල ලියාපදිංචි නොවී භාවිත කෙරෙන යතුරුපැදි සතුව ඇති පුද්ගලයින්ට හෝ එවැනි යතුරුපැදි පිළිබඳ දන්නා පුද්ගලයින්ට, ඒ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
මහා මාර්ගවල ධාවනය වන නමුත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දත්ත පද්ධතියට ඇතුළත් කර නොමැති යතුරුපැදි පිළිබඳ විස්තර එක්රැස් කිරීම මෙම ඉල්ලීමේ අරමුණයි.
එවැනි යතුරුපැදි පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයින්, පහත සබැඳිය (link) හරහා තොරතුරු ලබා දීමේ ක්රියාවලියට සහාය වන ලෙස ඉල්ලා සිටී.