වැස්ස අස්සේ ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම ජලාශ 9ක් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

Report

දිවයින පුරා පවතින වැසි සහිත අධික කාලගුණික තත්ත්වයත් සමඟ ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික ලෙස ජලය එක්වීම හේතුවෙන් මේ වන විට ප්‍රධාන ජලාශ 05ක සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 02ක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජලාශවල ජල ධාරිතාව: වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සමස්ත ජලාශ 74හි පවතින ජල ධාරිතාව මේ වන විට සියයට 45.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද අදාළ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

වාන් දොරටු විවෘත කර ඇති ජලාශවලින් පිටවන ජල ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් අදාළ ජලාශ සහ ගංඟා පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්